සියළුම දෙමාපියන් වෙත


පසුගිය දිනවල පාසලේ ඇතිවූ ව්‍යාකූල අවස්ථාවලදී,  අප ඔබට ලියා දැන්වූ දෑ හොඳින් වටහාගෙන කළමණාකාරීත්වය සහ ගුරු මණ්ඩලයට, ඔබ සැම ලබා දුන් සහයෝගය සහ අපි ගැන තැබූ විශ්වාසය ගැන ස්තුතිවන්ත වෙමු. 

කිසි විටෙක කළමණාකාරීත්වය දරුවන්ගේ ආරක්ෂාව පරදුවට තබා වැඩ නොකරන බවද අපගේ එකම පරමාර්ථය යමක් රටට කිරීම බවද නැවතත් මතක් කර දෙමු.

වත්මන වන විට පාසලේ කටයුතු නිසියාකාරව කරයි. 2018 දෙසැම්බර් වන විට පන්ති කාමර 50 ක්, ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ත ක‍්‍රීඩාංගනය, නව පරිගණක විද්‍යාගාර 5 ක් (පරිගණක 100* සහ අපජලය කළමණාකරණ ව්‍යාපෘතිය :අ්ිඑැ අ්එැර ප්බ්ටැපැබඑ  චරදවැජඑ* ඇතුලත් කිරීමට බලාපොරොත්තු වුවද,  බලාපොරොත්තු නොවූ අන්දමට මෙම වසරේ පාසලේ ආදායමේ අඩු වීමක් සිදුවිය හැකි බවට අප ගණකාධිකාරීන් දන්වා තිබෙන නිසා, බලාපොරොත්තු වූ අකාරයට ඉහත සඳහන් සංවර්ධන කටයුතු 2018 වසරේ අවසන් වන විට සම්පූර්ණයෙන් නිම කිරීමට නොහැකි වනු ඇත. 

දරුවනගේ අධ්‍යාපනය පිළිබඳ වරින් වර පැන නඟින  අඩු පාඩු ප‍්‍රශ්න හැකි තරම් ඉක්මනින්  විසඳා දරුවනගේ අධ්‍යාපන කටයුතු කරන අතර පොතපත අධ්‍යාපනයට අමතරව ශිෂ්‍ය ක‍්‍රීඩා සහ බාහිර කටයුතු ද සැමවිටම නිසිලෙස ඉටු කිරීම අපගේ බලාපොරොත්තුවයි.

ගණිතය විෂය ගැන පාසලේ සෑම ශ්‍රේණියකම විශේෂ වැඩසටහන් දියත් කිරීමට බලාපොරොත්තු වන අතර ජපානයේ දැනට සාර්ථකව කරගෙන යන පිළිවෙතක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වේ. එහි මූලික අදියර වශයෙන් 1,2,3 පන්තිවලට මෙම නව ක‍්‍රමය :ඡුසකදඑ චරදවැජඑ*   හඳුන්වා දෙන අතර එම ක‍්‍රමය ගැන දෙමව්පියන්ගේ අදහස් අප හට ලබා දෙන්න. 

පාසලේ යටිතල පහසුකම් සහ  අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්න සාකච්ඡුා කිරීමට සහ විසඳීමට නව වැඩපිළිවෙලක් දියත් කිරීමට බලාපොරොත්තු වේ. ඔබ මෙතෙක් කළ ක‍්‍රමයටම,  ඕනෑම වේලාවක කළමණාකාරීත්වය, විදුහල්පතිනිය සහ ගුරු මණ්ඩලය තුළින් ඔබගේ පැමිණිලි අප හට ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව ශිෂ්‍ය සුබ සාධක සංගමය තුළින් ද දෙමව්පියන්ගේ පැමිණිලි ඉදිරිපත් කර අවශ්‍ය පිළියම් යෙදීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට අප බලාපොරොත්තු වේ. 

ජූලි 02 වෙනි ඉරිදා පැවැත්වූ සුබ සාධක සංගමයේ කමිටු රැුස්වීමට, මා හට සහභාගී වීමට නොහැකි වූ අතර විදුහල්පතිතුමිය ඇතුළු එදින සහභාගී වූ සියලූ කමිටු සාමාජිකයන්  පැහැදිලිව එකඟ වී ඇති කරුණක් නම් පාසලේ සංවර්ධනයට දෙමව්පියන්ගෙන් සැදුම්ලත් එක් සංගමයක් පමණක් තිබීම යෝග්‍ය බවය.  එම සංගමය සුමේධ ශිෂ්‍ය සුබ සාධක සංගමය පමණක් විය යුතු අතර මීට අමතරව දෙමව්පියන් කොටසක් පමණක් එකතු වී තවත් සංගමයක් ආරම්භ කළහොත්, දෙමව්පියන් කොටස් වලට කැඞී,  අසමගිය විය හැකි අතර ගුරු මණ්ඩලයට සහ කළමණාකාරීත්වයටත් නොයෙකුත් මති මතාන්තර නිසා පාසල නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි විය හැකි බවද එදින සාකච්ඡුාවට සහභාගී වූ කමිටුවේ වැඩි දෙනෙකුගේ මතය විය.   සියලූ දෙමව්පියන්ගේ පැමිණිලි ශිෂ්‍ය සුබ සාධක සංගමය තුළින් ඉදිරිපත් කිරීම සුදුසු යැයි ද,  ජූලි 02 වෙනි දින කමිටු රැුස්වීමේ දී ඒකමතිකව තීරණය කළ අතර දෙමව්පියන් එවන පැමිණිලි සැමවිටම නාමිකව දුරකතන අංකය සහිතව එවීම සුදුසුයැයි ද තීරණය කර ඇත.  

පසුගිය සති කිහිපය තුළ දෙමව්පියන් අතර වූ සාකච්ඡුා වලදී සුබ සාධක සංගමය තිබෙන බව නොදන්නා දෙමව්පියන් සිටි බව මෙම කමිටු රැුස්වීමේ දී ප‍්‍රකාශ වීම, සියලූ දෙනාම මවිතයට පත් කළ කරුණක් වී ඇත. 
සුමේධ සුබ සාධක සංගමය විශාල සේවයක් ඉටු කරයි. ඔබ සැම දිනම දකින සුමේධ  බුදු මැදුර ලබා දුන්නේ සුබ සාධක සංගමයයි. දරුවාගේ අධ්‍යාපනික, ක‍්‍රීඩා දක්ෂතාවලදී ,වර්ණ ප‍්‍රදානයේ දී සුබ සාධක සංගමය විශිෂ්ට සේවයක් ඉටු කරයි. තවද දරුවනගේ, දෙමව්පියන්ගේ ලෙඩ රෝග වලදී සහ මරණ වලදී සුබ සාධක සංගමය මුදල් ආධාර ලබා දේ. 

සුබ සාධක සංගමය පාසලේ වැසිකිළි පිළිබඳව ද ඉතා සැලකිලිමත් අතර  කමිටු සාමාජිකයන් සැමවිටම වැසිකිළි, කාණු , කුණු තිබෙන තැන් සහ දරුවන්ට අනාරක්ෂිත තැන් සොයා බලා  කළමණාකාරීත්වයට දැන්වීම, උපදෙස් දීම අප හට විශාල ශක්තියක් වී ඇත. විශේෂයෙන්ම මිලියන 10 ක් ආයෝජනය කර කළමණාකාරීත්වය දියත් කර ඇති අප ජලය කළමණාකාරණ ව්‍යාපෘතිය සිදු කරන ලෙස කළමණාකාරීත්වයට යෝජනා කළේ සුබ සාධක සංගමයයි. 

සියලූ දෙමව්පියන් සුබ සාධක සංගමයේ දැන්වීම් පුවරුව ගැන විපරමින් සිටියහොත් සුබ සාධක සංගමය පාසලට ලබා දෙන විශිෂ්ට සේවාවන් ඔබ සැමට දැන ගත හැකිය. 

අවසානයේ දී සුමේධ විදුහල රැුක ගැනීමට සහ දියුණු කිරීමට සියලූ දෙමව්පියන්ගේ  නොමසුරු සහයෝගය අප හට අවශ්‍ය බවද,  ඕනෑම ප‍්‍රශ්නයකදී, එම ප‍්‍රශ්නය,  පිටතට, මාධ්‍යවලට සහ බලධාරීන්ට ඉදිරිපත් කිරීමට පෙර, අප අතරේම විසඳා ගැනීමට වෙර දැරීම, පාසලේ දීර්ඝ කාලීන සුබ සිද්ධියට ඉතා වැදගත් බව මතක් කරමු.

No comments