5 ශ්‍රේණිය දරුවනට ඇති අමතර පන්ති පිළිබඳ ලැබුනු නිර්ණාමික ලිපියට පිලිතුරු

5 ශ්‍රේණිය දරුවනට ඇති අමතර පන්ති පිළිබඳ ලැබුනු නිර්ණාමික ලිපියට පිලිතුරු

දින කිහිපයකට පෙර, දෙමාපියන් කිහිප දෙනෙක් පාසලේ සාමාන්‍ය ඉගෙනීම් කටයුතු වලට අමතරව 5 ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන දරුවනට, අමතර පන්ති පැවැත්වීම, විශේෂයෙන් දෙසැම්බර් නිවාඩු කාලයේ පන්ති පැවැත්වීම නිර්නාමික ලිපියකින් විවේචනය කර තිබු අතර, මෙවැනි අමතර පන්ති වලින් කෙරෙන අධික ඉගෙනීම් කටයුතුදරුවනට අනවශ්‍ය මානසික පීඩනයක් ගෙන එන බව සඳහන් කර තිබුණි.

වත්මන වන විට, විදුහල්පතිතුමිය සහ 5 ශ්‍රේණිය භාර නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය, 2018  5 ශිෂ්‍යත්වයට ඉදිරිපත් වන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් හොදින් හදුනාගෙන ඇත.

ගුරු මණ්ඩලයේ නිගමනය අනුව සමස්ත දරු පිරිසකගෙන්, වැඩි දෙනෙකුට, අමතර පන්ති පවත්වා ඉගෙනීම් කටයුතු සීඝ‍්‍ර නොකලහොත්, ඔවුන් අප බලාපොරොත්තු වන අන්දමට 5 ශිෂ්‍යත්වය සමත් නොවනු ඇත.

එබැවින් කළමණාකාරිත්වය සහ විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලයේ එකඟත්වය ඇතුව, හැකි පමණින් ,උපරිමව, මෙම දරුවනට පාසලෙන් පසු ,සති අන්තයේ ,නිවාඩු දිනවලදෙසැම්බර් සහ අපේ‍්‍රල් නිවාඩු වලද, හැකි පමණින් අධ්‍යාපනය ලබාදි උසස් මට්ටමකට ගැනීමට බලාපොරොත්තු වෙමු.

මෙලෙස අප දරුවනට  පුළුල්ව අධ්‍යාපනය ලබා දුන්නද, මානසික පීඩනයක් නොවන සේ ඉතා ලිහිල්ව, සතුටින් ඔවුනට වැඩ කිරීමට හැකි වාතාවරණයක් අමතර පන්ති වල සැකසීමට අපි බලාපොරොත්තු වෙමු.
යම් දෙමව්පියෙක් තම දරුවා හට, පාසල් වේලාවෙන් පසුව සහ නිවාඩු කාලවල, අමතර පන්ති පැවැත්වීම තුලින් අනවශ්‍ය මානසික පීඩනය ලැබෙනවා යන, මතයේ පිහිටා සිටිනවානම්, එවැනි දෙමාපියන් හට තම දරුවන් අමතර පන්ති වලට සහභාගි නොකිරීමේ නිදහස අනිවාර්යයෙන් තිබෙන බවද, එලෙස සහභාගී නොවන දරුවන් හට උපරිමව පාසල් කාලය තුල ඔවුනගේ දුර්වලකම් සාදා ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් සැකසීමට, විදුහල්පතිතුමිය සහ ගුරුමණ්ඩලය නොපැකිළිව සැදී පැහැදී සිටින  බවද මතක් කර දෙමු.



No comments