පරිගණක විෂය අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීම


2020 සිට අධ්‍යාපන දෙපාර්තුමේන්තුව සා.පෙළ විභාගයට පරිගණක විෂය අනිවාර්යය විෂයක් කිරීමට තීරණය කර ඇත.

අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ සා.පෙළ විෂය නිර්දේශයේ, පරිගණක විද්‍යාව සහ සෞඛ්‍ය විද්‍යාව එකම කාණ්ඩයේ විෂයයන් දෙකක් වූ නිසා, සුමේධ විදුහල දරුවනගේ දීර්ඝ කාලීන අභිවෘද්ධිය තකා සෞඛ්‍ය විද්‍යාව සා.පෙළට අනිවාර්යය කර පරිගණක විද්‍යාව වෙනම උගන්වා,  11 වසර අවසානයේදී දරුවනට සුමේධ පරිගණක Diplomaව ප‍්‍රදානය කිරීම ඉතා සාර්ථකව දියත් කර ඇත.

අප විදුහලෙන් දියත් කර ඇති ඉහත සඳහන් පරිගණක Diplomaවට අඩංගු විෂය නිර්දේශයරජයේ සා.පෙළ පරිගණක විෂය නිර්දේශයට වඩා පුළුල් සහ ගැඹුරු වන අතරඑම සුමේධ පරිගණක විද්‍යාව ඉගැන්වීමේ ක‍්‍රියාදාමය තුළින් අප දරුවන්, පරිගණකය ඔවුනගේ උ.පෙළ සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට මහගු රුකුලක් කරවීම අපගේ පරමාර්ථයයි.

මෑතකදී, අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් අප කළ විමසීමකදී, 2020 සිට සා.පෙළ විභාගයට සිටින දරුවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information Communication and Technology - ICT) විෂයක්  ලෙස පෙනී සිටීම අනිවාර්යය  කරන බව  සනාථ කළහ. 

එබැවින්, 6,7,8,9 දරුවන්ට ICT විෂය ඉගැන්වීමි කටයුතු. රජයේ විෂය නිර්දේශය අනුව අප පටන් ගැනීමට තීරණය කළ අතර, එම ඉගැන්වීමට සමගාමීව මෙතෙක් අප ඉතා සාර්ථකව දියත් කර ඇති සුමේධ පරිගණක Diploma වැඩසටහනද අඛණ්ඩව පවත්වාගෙන යන අතර සෑම දරුවෙකුටම 11 වසර අවසානයේදී, මෙතෙක් දරුවන්ට ලබා දුන් පරිගණක Diploma සහතිකයද එලෙසම ප‍්‍රදානය කරනු ලැබේ.

තවද, අප දරුවෙකු වැඩිහිටියෙකු වු විට තම සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත් දැනුම ලබා දෙන, සෞඛ්‍ය විද්‍යාව ඉගැන්වීම සහ එම විෂය, සා.පෙළ අනිවාර්යය විෂයක් ලෙස පවත්වා ගෙන යාම ද අඛණ්ඩව සිදු වන බව මතක් කර දෙමු.

2020 සිට සා.පෙළ විභාගයට ඉදිරිපත් වන, දැනට 6, 7, 8, 9 වසර වල ඉගෙන ගන්නා දරුවන් හට රජයේ ICT විෂය නිර්දේශය නිසි ලෙස ඉගෙන ගැනීමට අවශ්‍ය පොත් කිහිපයක් රජය අනුමත කර ඇති අතර, එම පොත් වලින්  ඉතාම අවශ්‍ය පොත් වන  ICT Information & Communication Technology Class work Book ( W.G.T.Fernando & Rahula Samaranayake) Grade 10  & Grade 11 පොත් 6,7,8,9 ශ්‍රේණි දරුවන් සතුවම තිබිය යුතුය. මෙම පොත ඉතා පහසු මිලකට අප YDC පොත්හලෙන් ද ලබා ගත හැක.

විදුහල්පතිනිය.



No comments