සුමේධ විද්‍යාලයීය චෙස් කණ්ඩායම්වලට දරුවන් තෝරාගැනීම.


සුමේධ විද්‍යාලයීය චෙස් කණ්ඩායම්වලට දරුවන් තෝරාගැනීම.
2018 ජුනිමස පැවැත්වෙන බස්නාහිර පලාත් කණ්ඩායම් තරඟාවලියට සුමේධ විදුහල් දරුවන් තෝරා ගැනීම ජුනි මස 1,2,3 යන දිනයන්හිදී පැවැත්වේ.
  • වයස අවු.9 න් පහල බාලක/ බාලිකා
  • වයස අවු. 11 න් පහල බාලක/ බාලිකා
  • වයස අවු 13 න් පහල බාලක/ බාලිකා
  • වයස අවු 15 න් පහල බාලක/බාලිකා
  • වයස අවු 17 න් පහල බාලක/ බාලිකා

වශයෙන් කණ්ඩායම් 10 ක් සඳහා කණ්ඩායමකට 7 ක් වශයෙන් සිසු සිසුවියන් 70 ක් තෝරාගනු ලබයි.

  •  9 න් පහල දරුවන්ට පමණක් 1,2 හා 3 යන දින තුනේදීම තරග පැවැත්වේ.
  • 11,13,15,17 න් පහල දරුවන් සඳහා 2 හා 3 යන දින දෙකෙහිදී පපමණක් තරග පැවැත්වේ.


කණ්ඩායම්වලට දරුවන් තෝරාගන්නා ආකාරය

9න් පහල බාලක/ බාලිකා
වැඩිම සිසු සිසුවියන් පිරිසක් සහභාගීවන ඉසව්ව මෙය වේ. එම නිසා 1 වන සිකුරාදා වට 2ක්ද, 2වන සෙනසුරාදා වට 5ක්ද වශයෙන් වට 7ක් පවත්වා හොදම ක‍්‍රීඩිකාවන් 12 දෙනා සහ ක‍්‍රීඩකයන් 12 දෙනාම 9න් පහල බාලක සංචිතයට සහ 9 න් පහල බාලිකා සචිතයට තෝරාගනු ලබයි.

එම 12 දෙනා සහ සෘජුවම සුදුසුකම් ලබන කිහිප දෙනා අතර පමණක් 3වන ඉරිදා දින තරග පැවැත්වේ. තරග වට 6ක් ඉරිදා දින ඔවුන් අතර පැවැත්වෙන තරග වට 6 අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා ක‍්‍රීඩකයන් 7 දෙනා හා ක‍්‍රීඩිකාවන් 7 දෙනා විද්‍යාලයීය 9න් පහල බාලක/බාලිකා කණ්ඩායම් නියෝජනය කිරීමට සුදුසුකම් ලබයි.

11න්/13න්/15න්/17න් පහල බාලක/ බාලිකා
මෙම වයස් සීමා 4 සදහා තරග පැවැත්වෙන්නේ 2 හා 3 යන දිනයන්හිදී පමණි.
දෙවන සෙනසුරාදා දින ඒ ඒ වයස් සීමාවලට අදාලව බාලක/බාලිකා වශයෙන් වෙන වෙනම තරග වට 5ක් පවත්වා වැඩිම ලකුණු ලබාගන්නා 12 දෙනාව සංචිතය සඳහා තෝරා ගනී.

ඉරිදා දින තරග පැවැත්වෙන්නේ සංචිතයට තෝරා ගත් 12 දෙනා අතර සහ සෘජුවම සුදුසුකම් ලබන කිහිප දෙනා අතර පමණි. තරගවට 6ක් අවසානයේ වැඩිම ලකුණු ලබාගත් 7 දෙනා විද්‍යාලයීය 11න්/13න්/15න්/17න් පහල බාලක/බාලිකා කණ්ඩායම නියෝජනය කරනු ලබයි.





සැ.යු.
  • 1 හා 2 වසරවල ඉගෙනුම ලබන  ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක.
  • 3 වසරෙන් ඉහල  ඕනෑම දරුවෙකුට සහභාගී විය නොහැක. බ‍්‍රහස්පතින්දා සවස් වරුවේ පැවැත්වෙන චෙස් පංතිය සදහා ලියාපදිංචි වී ඇති සිසුන්ට පමණක් මෙම තේරීම්වලට සහභාගීවිය හැක. 
  • ගිය වසරේ සමස්තලංකා ශූරතාවය දිනු විද්‍යාලීය 9න් පහල බාලක කණ්ඩායමේ හා තෙවන ස්ථානය දිනු බාලිකා කණ්ඩායමේ සාමාජිකයන්ට සෘජුව ඉරිදා දින පැවැත්වෙන තරගවලට සුදුසුකම් ලැබෙනු ඇත.


කණ්ඩායම්වලට සුදසුකම් ලැබු විට
  • විද්‍යාලය විසින් අමතර චෙස් පුහුණුවීම් ලබාදෙන  විට පුමුඛත්වය එම පුහුණුවීම් වලට ලබාදීම අනිවාර්ය වේ.
  • විද්‍යාලය නියෝජනය කරමින් පැවැත්වෙන දිවයිනේ  ඕනෑම ප‍්‍රදේශයක පැවැත්වෙන චෙස් තරගාවලි සඳහා සහභාගී වීමද අනිවාර්යය වේ.


කාල සටහන
  • 9න් පහල - සිකුරාදා ප.ව.2.30 ට පලමු තරග වටය ආරම්භ වේ.
  • 11/13/15/17 න් පහල - 2වන සෙනසුරාදා  පෙ.ව.8 ට පලමු තරගවටය ආරම්භ වේ.


පහත සදහන් අයදුම්පත සම්පුර්ණ කර (ඔබ විසින් පහත කරුණු සහිතව ලිඛිතව සකස් කරන ලද අයදුම්පත), 2018 වසර සදහා චෙස් ක‍්‍රීඩාව සදහා අදාල කාඞ්පතේ පිටපතක් ද මේ සමග අමුණා, 2018 මැයි 31 වන දින ප.ව.2.30 ට පෙර සුමේධ ක‍්‍රීඩාභාර ආචාරිණි නිසංසලා සමන්කුමාරි මහත්මියට ලැබීමට සලස්වන්න.

2018 - සුමේධ විද්‍යාලයීය චෙස් කණ්ඩායම්වලට දරුවන් තෝරාගැනීමේ අයදුම්පත
දරුවාගේ නම:-.........................................................................
උපන් දිනය:-.............................................................................
ඉගෙනුම ලබන පංතිය:- ............................................................
මව/පියා/භාරකරුගේ නම:-........................................................
මව/පියා/භාරකරුගේ දු.ක.:-.......................................................

.................................................
මව/පියා/භාරකරුගේ අත්සන





No comments