සුමේධ පාසල් වාරය අවසන් වන අගෝසතු 3 වන දින වැඩසටහන්


හිතවත් සුමේධ දෙමව්පියන් වෙත,

සුමේධ පාසල් වාරය අවසන් වන අගෝසතු 3 වන දින වැඩසටහන්

සුමේධ පන්ති කව
මෙදින සියලූ දෙමව්පියන් පෙ.ව.7.30 ට ඔබ දරුවාගේ පන්ති කාමරයට පැමිණෙන්න. පන්ති කවය පෙ.ව.7.30 සිට 8.30 දක්වා පවත්වනු ලැබේ. පන්ති කවයේදී ඔබගේ දරුවාගේ අධ්‍යාපනය ගැන පන්තියේ ගුරුතුමියගෙන් දැන ගැනීමට හැකි වන අතර, දරුවාගේ ප‍්‍රගති වාර්තා පොතද ඔබ හට ලබා දෙනු ලැබේ.

වාර අවසන් විනෝදාත්මක වැඩසටහන්වාර අවසානයේ දරුවනටල ගුරු මණ්ඩලයට විනෝදයක් ලබා දීමටද, තරුණ සංවර්ධන
මධ්‍යස්ථානයේ සේවක ගුරු සුබ සාධක සංගමයේ (EWFA) අරමුදල තර කර ගැනීමටද, විනෝදාත්මක වැඩසටහන් රැුසක් මෙදින පෙ.ව.9.00 සිට ප.ව.6.00 වන තෙක් දියත් කිරීමට අප බලාපොරොත්තු වේ.

මැජික් සංදර්ශණයමැජික් සංදර්ශණ 3 ක්, පෙ.ව.9.00ට, පෙ.ව.11.30 සහ ප.ව.3.00 ට යන වේලාවන් වලදී පවත්වනු ලැබේ.
දිවයිනේ නම ගත් මැජික්කරුවෙකු වන ප‍්‍රසන්නජිත් අධිකාරි මයා විිසින් පවත්වන මෙම සංදර්ශණ, දරුවනට සහ ඔබ සැමට තවදුරටත් ආකර්ශණය කිරීමට නැටුම් ගැයුම්ද, එකතු වන අතර, ප‍්‍රවීණ ගායක හේමන්ත හපුආරච්චි මයා ඇතුළු වාදක මණ්ඩලයේ සංගීතයද මෙම සංදර්ශණ වලට මුසු කර ඇත.
පළමු සංදර්ශණය කුඩා ළමුන්ටද, දෙවන සංදර්ශණය මේරු දරුවන්ට ද, තුන්වන සංදර්ශණය වැඩිහිටියන්ටද ගැලපෙන අන්දමට සකසා ඇත. Ticket එකක මිල රු.500 වන අතර, දරුවන් සමග පැමිණෙන දෙමව්පියන්ද, Ticket එකක් ලබා ගතයුතු බව කරුණාවෙන් සලකන්න.

EWFA මේලාCarnival ස්වරූපයකින් සුමේධ ක‍්‍රීඩාපිටියේ පවත්වන මෙම සැණකෙළිය, දරුවන්ට සහ ඔබට විනෝද විය හැකි විවිධ මාදිලියේ, ආහාර පාන, ක‍්‍රීඩා, නැටුම් ගැයුම්, (Merry Go Round, Bumpers, Horse Riding, Karaoke, Computer Games,Car Wash etc) වලින් පිරිපුන් වන අතර, ඔබ සැමට දිනය පුරාවටම විශිෂ්ට ආශ්වාදයක් මෙම සැණකෙළියෙන් ලබා දීමට අප කටයුතු කර ඇත.

මෙදින පවත්වන සියලූ විනෝදාත්මක වැඩසටහන් වලින් ලැබෙන ලාභය ඔබ දරුවා හට සේවය ලබා දෙන පාසල් දෙකෙහිම ගුරු මණ්ඩලය සහ සේවක සේවිකාවන්ගෙන් සැදුම්ලත් තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ සේවක ගුරු සුබ සාධක සංගමයේ අරමුදලට බැර කරනු ලැබේ.

ඔබ දන්නා විධියටල අප මධ්‍යස්ථානයේ සේවය කරන සේවකයෙකුගේ ළග ඥතියෙකුගේ අභාවයේදී, රු.50,000 ක ආධාරයක්, මංගල උත්සවයකදී, රු.40,000 ක පමණ ආධාරයක්, සාමාජිකයන්ගේ රෝගයකදී කරදරයකදී දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යාතවකදී අප සුබ සාධක සංගමය මුදලින් ආධාර ලබා දෙනු ලැබේ. එබැවින් සියලූ දෙමව්පියන්ල කරුණාකර හැකි පමණින් ඔබ දරුවන් සමඟ මෙදින වැඩසටහන් වලට සහභාගී වී, විනෝද වී, ඔබ දරුවාට සේවය කරන ගුරුවරුන්ගේ, සේවකයන්ගේ දුකකදී, හදිසි අවශ්‍යතාවයකදී, උදව් කිරීමට සැදී පැහැදී සිටින, සේවක සුබ සාධක සංගමයේ (EWFA) අරමුදල තර කර ගැනීමට සහ ඔබ මෙන්ම ඔබ දරුවාට විනෝදයක් ලබා ගැනීමට හැකි මෙම අවස්ථාව පැහැර නොහරින මෙන් ඉල්ලා සිටිමු.




 Home Page

No comments