විශේෂ දෙමාපිය හමුවක්..

හිතවත් දෙමාපියනි, 

දෙමාපියන් කිහිප දෙනෙක් දුරකතනයෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මා අමතා, පාසලට පොලිස් ආරක්ෂාව ලබා ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව මා අද උදැසන ගම්පහ පොලීසියේ උසස් නිළධාරියකු සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරනු ලැබුවා.

එහිදි එතුමා මා සමඟ පවසා සිටියේ ගම්පහ පොලීස් බල ප්‍රදේශයේ දෛනික  රජකාරි කටයුතු සඳහා අවම වශයෙන් පොලිස් නිළධාරීන් 185කගේ වත් සේවය අවශ්‍ය නමුත් දැනට ⁣සේවය කරනු ලබන්නේ පොලිස් නිළධාරීන් 100කටත් අඩු ප්‍රමාණයක් බවයි. ඒ අතුරින් නිළධාරීන් දෙතුන් දෙනෙක් අසනීප නිවාඩු ලබා ගන්නා බවත්, උසාවි කටයුතු සඳහා නිළධාරීන් හය හත් දෙනෙක්වත් අනුයුක්ත කිරීම⁣ට සිදුවන බවත්,  හදිසියෙවත් දේශපාලඥයක් ආවොත් එතුමාගේ ආරක්ෂාවට නිළධාරීන් හතර පස් දෙනෙක් යවන්න වන බවත්, හදිසි අනතුරක් වුනොත් එතනට නිළධාරීන් දෙදෙනෙකුවත් යවන්න වන බවත් සඳහන් කරමින් පාසල් වලට වෙනම පොලිස් ආරක්ෂාව ලබා දිමට ප්‍රයෝගික ගැටළුවක් ඇති බව පැහැදිලිවම ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව පොලිසිය සහ ත්‍රිවිධ හමුදා යටතේ මග තොට ආරක්ෂා සැලසෙන බැවින්,  පාසලේ දී දරුවන්ගේ ආරක්ෂාව අප විසින් සලසා දිය යුතු බව ඔබ සැම තේරුම් ගත යුතුය. 

මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුමේධ කළමණාකාරිත්වය සහ ශිෂ්‍ය සුභසාධක සංගමයේ දෙමාපියන් අතර විශේෂ හමුවක් හෙට (27) සවස 2ට සුමේධ විදුහලේ දී පැවැත්වේ. දරුවන්ගේ සහ පාසලේ ආරක්ෂාව සම්බන්ධව හැඟීමක් ඇති දෙමාපියන්ට ද මේ සඳහා සහභාගි වී තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සි⁣ටිමි.

No comments