2020.01.18 දින සුමේධ විද්‍යාලයේ ගුරු දෙමාපිය සහ කළමනාකාරීත්ව රැස්වීමේදී දෙමව්පියන් යොමු කල ප්‍රශ්න සහ පිළිතුරු

(01) ප්‍රශ්නය :
6-11 ශේ‚වල විෂය ධාරාව (කාණ්ඩ විෂය ) වල වෙනස් කම් ඇති කල යුතු බව

පිළිතුර :
සුමේධ විද්‍යාලය 2012 වර්ෂයේ සිට රජය අනුමත ද්වි භාෂා විෂය නිර්දේශය පවත්වා ගෙන යනු ලැබේ. මේ සඳහා මෙතෙක් පහත සඳහන් අයුරින් විෂය ධාරාවන් නම් කර ඇත. ග‚තය, විද්‍යාව, සහ සෞඛ්‍ය විද්‍යාව ඉංග්‍රීසි මාධයෙන් කෙරෙන අතර අනෙකුත් විෂයන් වන සිංහල භාෂාව, භූගෝල විද්‍යාව , ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය කරනු ලබන්නේ සිංහල මාධ්‍යයෙනි. මෙම විෂය ධාරාවට ඉංග්‍රීසි සාහිත්‍ය, දෙමළ ,සෞඛ්‍ය විද්‍යාව කාණ්ඩ විෂයන් වලින් තෝරාගෙන 6-11 ශ්‍රේණිය විෂය මාලාව සකස් කොට ඇත. පහත සඳහන් අයුරින් විෂයධාරා නම් කර ඇත.

  1. සිංහල
  2. ගණිතය - ඉංග්‍රීසි මාධ්‍යය
  3. විද්‍යාව - ඉංග්‍රීසි මාධ්‍යය
  4. බුද්ධාගම - සිංහල මාධ්‍යය
  5. සෞඛ්‍ය විද්‍යාව -ඉංග්‍රීසි මාධ්‍යය
  6. ඉතිහාසය - සිංහල මාධ්‍යය
  7. ඉංග්‍රීසි භාෂාව
  8. ඉංග්‍රීසි සාහිත්‍ය
  9. පුරවැසි අධ්‍යාපනය- සිංහල මාධ්‍යය
  10. දෙමළ

අනාගත නව ලොවට පිවිසෙන දරුවෙකු සුදුසු අයුරින් ඉහතින් සඳහන් විෂය ධාරාවන් නම් කර ඇති අතර එය කිසිසේත් වෙනස් කිරීමක් සිදු කල නොහැකි බව කරුණාවෙන් දන්වා සිටිමු. රටේ ඒකීයභාවය සුරක්ෂිත කර ගැනීමට නම් අපි සැවොම දෙමල බස ඉගෙන ගත යුතුය.
උදාහරණයක් ලෙස දෙමළ විෂය අනිවාර්යය කර ඇත්තේ ජාතින් අතර අන්යෝන්‍ය අවබෝධය සංහිදියාව ඇති කිරීමටය.දැනට දෙමළ විෂය ධාරාව රාජ්‍ය භාෂාවක් ලෙස නම් කර ඇත.
විද්‍යාව, ගණිතය, සෞඛ්‍ය විද්‍යාව English, English Literature ඉංග්‍රීසි මාධ්‍යය තුළින් අනිවාර්යය කර ඇත්තේ නව තාක්ෂනය සොයා යන දරුවනට උසස් වෘත්තියක් වීමට හැකි වන ලෙසද, වැඩිහිටියෙකු ලෙස ආර්ථීකයක් ගොඩනැගීමට හැකි වන ලෙසද, රටේ සංවර්ධනයට දායකත්වය දිය හැකි, ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි උසස් පුද්ගලයෙකු ලෙස පත් කිරීමටය. ඉහතින් සඳහන් කල විෂය ධාරාවන් සුමේධ විද්‍යාලය කළමනාකාරිත්වය තුලින් නම් කර ඇත.


(02) ප්‍රශ්නය :
සිංහල මාධ්‍යයෙන් පමණක් පන්ති ආරම්භ කිරීම

පිළිතුර
අප පාසලේ දැක්ම ජාත්‍යන්තර තලයේ දිදුලන දරුවෙකු බිහිකිරීමයි. ඒ සඳහා සිංහල මාධ්‍ය හරහා එතරම් දුරක් යා නොහැකිය. එබැවින් සුමේධ විද්‍යාලය සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වීම අනුමත කරන්නේ නැත.


(03) ප්‍රශ්නය :
Robotics විෂය සඳහා පාසල් වේලාවක් ලබන දෙන්න.

පිළිතුර
Robotics විෂය සඳහා කාල සටහන් වෙලාවක් ලබා දීම කල නොහැකි බවත් විෂය නිර්දේශ අනුව කාලසටහන් අනුව විෂයන් වෙන් කර ඇති අතර ඒ සඳහා පාසල් වේලාවෙන් පසුව වෙලාවන් වෙන් කර ඇත


(04) ප්‍රශ්නය
Robotics විෂය සඳහාද chess, scrabble වැනි මානසික ක්‍රීඩාවක් ලෙස සලක ලකුණු ලබා දිය හැකිද

පිළිතුර
හොඳ අදහසක් ලකුණු ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වෙමු.


(05) ප්‍රශ්නය
2020 වර්ෂය සඳහා නායකත්ව පුහුණුව පවත්වන අයුරු

පිළිතුර
පාසලේ නායකත්ව පුහුණු වැඩසටහන, ශිෂ්‍ය නායක වැඩසටහනට බද්ධ කිරීමට අප අදහස් කරමු. පළමුව දරුවන් පහත සඳහා ලෙස අදියර තුන (3) කට ඛෙදනු ලැබේ.

  1. පළමු වන අදියර - 2 සිට 4 ශේ‚ වල දරුවන් (Primary&)
  2. දෙවන අදියර - 6 සිට 10 ශේ‚ වල දරුවන් (Junior)
  3. තෙවන අදියර - 12 සහ 13 ශේ‚වල දරුවන් (Senior)

මෙම ඉහත සඳහන් අදියර තුනේදීම අධ්‍යාපනය තුලින් ලැබිය යුතු ගති ලක්ෂණ මැන බලා ශිෂ්‍ය නායකයන්තෝ රාගනු ලැබේ. එලෙස තෝරාගන්නා ලද ශිෂ්‍ය නායකයන් එක් අදියරකින් අනෙක් අදියරයට යන විට ඔවුන්ගේ ශිෂ්‍ය නායකත්වය එලෙසම පවත්වා ගැනීමට ඉඩ ලබා දෙන අතර සෑම අදියරයකදීම අවශ්‍ය වූ විට නව ශිෂ්‍ය නායකයින් බදවා ගැනීමටත්, පරිපුර්ණ අධ්‍යාපනයේ තිබිය යුතු ගති ලක්ෂණ දුර්වලතා ඇති ශිෂ්‍ය නායක දරුවන්ඉවත් කිරීම ද සිදු කරනු ලැබේ. දෙවන සහ තුන්වන අදියර වලදී නායකත්ව වැඩමුළු පවත්වන අතර 3 වන අදියරයේදී ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් 12 ශ්‍රේ‚ය තුලදී බඳවා ගනු ලැබේ.


(06) ප්‍රශ්නය
රජයේ ගුරුපත්වීම් ලබා දෙන නිසා පාසල් වාරික මුදල් වල සහනයක් ලබා දිය හැකිද

පිළිතුර
දැනට අනුමැතිය ලැබී තිබුනත් මේ වන විට රජයේ වැටුප් ලබා දී ඇත්තේ ගුරුවරුන් දෙදෙනෙකුට පමණි. අමාත්‍යංශ 3 ක් සඳහා ලිපිගොනු යොමු කරවිය යුතුව ඇති බැවින් වැටුප් ලබා දීමේ ප්‍රමාදයක් තිබේ. ඉදිරියේදී ගුරුවරුන්ගෙන් 50% කට වත් රජයේ පත්වීම් අනුමත වූ පසු වාරික මුදල් වල සහනයක් අනිවාර්යෙන්ම ලබා දිය හැක.


(07) ප්‍රශ්නය
ජෙනරේට වල ශබ්දය වැඩි බැවින් ඒ සඳහා විසදුමක් ලබා දිය හැකිද

පිළිතුර
මේ වන විට පරණ ජෙනරේටය ඉවත් කර නවීන අධි බලැති ජෙනරේටයක් සවි කර ඇත. එම ගැටලූවට
විසදුම මේ වන විටත් ලබා දී ඇත.


(08) ප්‍රශ්නය
පොත් හලේ English Literature සඳහා පොත් ප්‍රමාණවත් නැත.

පිළිතුර
මේ වන විටත් පොත් වැඩි ප්‍රමානයක් ඇනවුම් කිරීමට දැනුම් දී ඇත.


(09) ප්‍රශ්නය
පරණ පෙළපොත් දරුවනට ලැබීම

පිළිතුර
වසර දෙකක පමණ සිට ඉල්ලූම් කරන ලද පෙළපොත් වලින් නවපොත් සෑම පාසලකටම ලැඛෙන්නේ 50%ක් පමණි. සුමේධ විද්‍යාලයටත් ලැඛෙන්නේ 50% ක් පමණී. අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නියමය පරිදි ඉතිරි අවශ්‍යපොත් පෙර වසරවල් වල පාවිච්චි කරන ලද පොත් වලින් පුරවා ගැනීමට සිදු වී ඇත. දරුවන් පොත් පාවිච්චිය පිළිබඳව නිතර නිතර දරුවන් දැනුවත් කල යුතු අතර දෙමව්පියන් වශයෙන් මෙම වටිනා පොත් සුරක්ෂිතව පවිච්චි කල යුතු අන්දම ගැන ඔබ දරුවා දැනුවත් කල යුතුව ඇත.


(10) ප්‍රශ්නය
Year Plan එක කලින් ලබා දිය යුතු බව

පිළිතුර
මුද්‍රණ කටයුතු වල වූ සුනංගු වීමක් නිසා වාර්ෂික ලිත නියමිත වෙලාවට ලබා දීමට නොහැකි වීම ගැන කණගාටු වන්නෙමු.


(11) ප්‍රශ්නය
සුමේධ උ/පෙළ සඳහා ගුරුවරුන් සිටීද චීන භාෂාව, ජපන් භාෂාව යන භාෂා උසස් පෙළ විෂය ධාරාවට එක කර ගන්නේද

පිළිතුර
පාසලේ උසස් පෙළ සඳහා උපාධිදාරී ගුරුවරුන් සම්මුක පරීක්ෂණයකට යොමු වීමෙන් පසුව අඩුපාඩු පවතී විෂයන් සඳහා බදවාගෙන ඇත. එම නිසා උසස් පෙළ විෂයන් සඳහා අවශ්‍ය ප්‍රමාණය ගුරුවරුන් ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙමින් සිටි. එමෙන්ම චීන භාෂාව, ජපන් භාෂාව වැනි භාෂා ඉතා වැදගත්බ වත්ඉ දිරියේදී එම විෂයන් හැදෑරීමේ අවස්ථාව සිසුන්ට ලබා දීමට ක්‍රියාකරනු ඇත. දැනට උසස් පෙළ සඳහා තාක්ෂ‚ක විෂය ධාරා අංශයත්, ග‚ත අංශයත්, විද්‍යා අංශයත් පාසැල තුල ඇත. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාගාර ගොඩනැගිලි ඉදිකිරීම් විද්‍යාගාර,Electrical and Electronic විද්‍යාගාර ,ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාගාර (Bio System Unit), මෝටර් රථ තාක්ෂ‚ක විද්‍යාගාර (Auto Mobile Lab)පාසැල තුල ඒ සඳහා පවතින පහසුකම් ය . දැනටමත් පාසැල තුල කාල සටහනකට අනුව ගුරුභවතුන් වැඩ කරයි.


(12) ප්‍රශ්නය
Smart Class Room (සුහුරු කාමර ) භාවිතය පිළිබඳව

පිළිතුර
දැනට පාසැල තුල Smart Class Room 4 ක් ඇති අතර ඒවායේ කාල සටහනකට අනුකුලව දැනටමත් ඉගැන්වීම් කටයුතු කරගෙන යනු ලැබේ. ඒ සඳහා පුහුණු ගුරුවරුන් පාසැල තුළ සිටි. ඉදිරියේදී එම පහසුකම් වැඩි කිරීමට අදහසක් ඇත.


(13) ප්‍රශ්නය
ICT විෂය සාමාන්‍ය පෙළ විෂයක් ලෙස කිරීමට අවස්ථාවක් ලබා දෙන්න.

පිළිතුර
දැනට ICT විෂය සාමාන්‍ය පෙළ විෂයක් ලෙස ලබා දිය නොහැක. හේතුව ඒ වෙනුවට කාණ්ඩ විෂයක් ලෙස සෞඛ්‍ය විද්‍යාව ඒ වෙනුවට ඇතුලත් කර තිබීමයි. නමුත් ICT විෂය 10-11 ශ්‍රේණි වල දරුවන් සඳහා ඩිප්ලෝම සහතිකයක් ලබා දීමට මේ වන විටත් කටයුතු සලසා ඇත. සුමේධ විදුහල විසින් දරුවනට ලබා දෙන ICT විෂය මාලාව අධ්‍යාපන දෙපාර්තුමේන්තුව අනුමත සාමාන්‍ය පෙළ ICT විෂය මාලාවට වඩා පුළුල් සහ ගැඹුරු බවින් යුක්ත බවද සඳහන් කරමු.


(14) ප්‍රශ්නය
6 ශ්‍රේණියේ ලකුණු අනුව දරුවන් ඛෙදීම

පිළිතුර
5 ශිෂ්‍යත්ව විභාගට ඉතා විධිමත් කඩඉම් විභාගයකි. මෙම විභාගය තුළින් දරුවෙකුගේ මට්ටම ඉතා සාධාරණව මැන බලනු ලැබේ. එම ලකුණු උපයෝගී කරගෙන ලකුණු මට්ටම් අනුව දරුවන් තල වලට වෙන් කිරීම දරුවනට කරන මගඟු සෙතකි. ඒ මන්දයත් එකම මට්ටමේ දරුවන් එකට සිටින විට ඔවුන්ගේ දැනුම මට්ටම, ඉගැන්වීමේ අභ්‍යාස ලබා දී සංවර්ධනය කිරීම පහසු වනු ඇත. එක් එක් මට්ටමේ දරුවන් මිශ්‍ර කළ විට දුර්වල සහ උසස් මට්ටමේ යන දරුවන් දෙකොටසටම අසාධාරණයක් සිදු වනු ඇත.


(15)ප්‍රශ්නය
සෞන්දර්යය විෂයන් සඳහා යොමු කිරීම (චිත්‍ර, නැටුම්,සංගීත)

පිළිතුර
පාසැල තුල විෂයක් ලෙස හැදෑරීමට නොහැකි වුවත් විශේෂ අවස්ථා වලදි එම විෂයන් තුලින් ඔවුන්ගේ හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථා ලබා දී ඇත. කලාප, පළාත් , සමස්ත ලංකා දක්වා දරුවන් යැවීමට දක්ෂ දරුවන්ට අවස්ථාව ලබා දේ. පාසලේ ගුරුතුමියන් ලබා දෙන උපදෙස් මත මේ වන විටත් දරුවන් ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත. වර්ණ රාත්‍රියේදී ඔබ දරුවන්ගේ දක්ෂතා දුටුවා ද ? සෞන්දර්යය විෂය සාමාන්‍ය පෙළ විෂය දීමට අවස්ථාව දෙන්නේ විශේෂ කුසලතාවන් ඇති දරුවන්ට පමණි.


(16) ප්‍රශ්නය 
දිනපතා පාසල් පැමිණීම ඇගයීමට භාජනය කල යුතු බව.

පිළිතුර
දරුවන්ගේ පාසල් පැමිණීම වර්ණ රාත්‍රියේ දී හොඳම සිසුන් තේරීමේ දී , ශිෂ්‍ය නායකයන් තෙර්මේ දී සලකනු ලැබේ. ත්‍යාග ප්‍රදානෝත්සවය වැනි අවස්ථවක පාසලට දිනපතා සිසුන්ගේ පැමිණීම අගය කිරීමට ඉදිරියේදී සලක බලනු ලැබේ.


(17) ප්‍රශ්නය
Chess, Swimming යන ක්‍රීඩා දෙකම එකම දිනයේ යෙදීම වෙනස් කල හැකි ද

පිළිතුර
Swimming පුහුණු කරු හමුවී ඒ සඳහා දිනයන් ලබා ගත හැක. සතියේ දින 5 ම ප.ව. 1.30 න් පසු Swimming ක්‍රීඩාවේ පුහුණුවීම් කරනු ලැබේ.

No comments