සුමේධ විදුහල් සිල් වැඩසටහන

අයහපත් කාලගුණය නිසා පැවැත්වීමට නොහැකි වූ සිල් වැඩසටහන ජූනි 13-17 දක්වා පොසොන් සතිය තුළ පැවැත්වීමට තීරණය කර ඇත.
අප හට කවදත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන තුම්මෝදර සමිත සෝම හිමියන්ගේ අනුශාසනාව මත මෙවර සිල් වැඩසටහන මැදගම පන්සලේ පැවැත්වීමට තීරණය කළෙමු.
මෙය අදියර 4 කින් පැවැත්වේ.
ජූනි 13 - 3, 4 ශ්‍රේණි සඳහා
ජූනි 14 - 5-13 ශ්‍රේණි සඳහා
ජූනි 15 - 2 ශ්‍රේණි සඳහා
ජූනි 17 - 1 ශ්‍රේණි සඳහා

මෙලෙස සිල් වැඩසටහන පන්සලේ පැවැත්වීමට මූලික හේතුව දරුවන්ට බෝධිය, චෛත්‍ය, බුදු ගෙය ආවාස ගෙය ආශ‍්‍රිතව එම වාතාවරණය යටතේ සිල් ගැනීම, පන්ති කාමරය තුළ සිල් ගැනීමට වඩා ඵලදායී වන බව ගරු ස්වාමීන් වහන්සේ අප හට දැනුම් දුන් අතර මෙම කරුණට මුළු ගුරු මණ්ඩලය ද සතුට පල කර ඇත.
එදින පාසල් දිනයක් නිසා උදේ 7.30ට දරුවන් සිල් ඇඳුමින් මැදගම පන්සලට පැමිණිය යුතු අතර සවස 1.30 ට සිල් පවාරණය කරනු ලැබේ. පන්සල ඉදිරිපිට වාහන තදබදයක් ඇති නොවන්නට උදසනම දරුවන් රැුගෙන විත් භාර දෙන්න. පන්සල ඉදිරිපිට වාහන නතර කර තැබීමෙන් වළකින්න.
ආගමික කටයුතු නිසි ලෙස කිරීමට අප නායක ස්වාමීන් වහන්සේත් ආරාධිත ස්වාමීන්වහන්සේලාත් ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් වලට වඩිනු ඇත.
තම ශ්‍රේණිවලට අදාළ දිනවලට පාසල් පොත් ගේන්න එපා. උදේ ආහාර වේල පමණක් රැුගෙන එන්න. පන්ති මට්ටමින් කෙරෙන දවල් දානය දෙමව්පියන් විසින් සපයනු ඇත.
මෙම කරුණ සම්බන්ධයෙන් ඔබ දෙන සහයෝගය ඔබ දරුවා ආගමට නැඹුර කිරීමට අති මහත් රුකුලක් බව මතක් කර දෙමු.

No comments