දරුවාගේ දෙමව්පියන්ගේ වගකීම පිළිබඳ දේශන මාලාව

 මේ මස 21 වෙනි අඟහරුවාදා උදේ 9-12 දක්වා ප‍්‍රාථමික පාසලේ දෙමව්පියන් සඳහා දරුවාගේ දෙමව්පියන්ගේ වගකීම පිළිබඳ දේශන මාලාවක් පැවැත්වේ.
තම දරුවා හට නිවසේ දී කළ හැකි උදව්, ඔහුගේ පරිපූර්ණ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට කළ යුතු වැඩ පිළිවෙල පිළිබඳ දේශනා මාලාවක් පවත්වනු ලැබේ.
මෙම වැඩසටහන මෙහෙය වන්නේ ලංකා ගුවන් විදුලි සංස්ථාව විසිනි.

 එහි කළමණාකාරීත්වය විසින් පහත සඳහන් විශේෂ දේශකයින් ලවා මෙම දේශනය මෙහෙය වනු ලැබේ.
1. නීතිවේදී - මාධ්‍යවේදී ගාමිණී විජේවර්ධන මයා
2. අධ්‍යාපනවේදී දීප්ති ලියනගේ මිය
පොත පත ඉගෙනීමට දෙමව්පියන් කළ යුතු දෑ පමණක් නොව , ආහාර වේල, දරුවාගේ ආකල්ප, ගතිගුණ දියුණු කිරීමට කළ යුතු දෑ පිළිබඳව මෙම දේශන මාලාවෙන් ඔබ හට දැනුමක් ලබා ගත හැකිය.
සුමේධ විදුහල් කළමණාකාරිත්වය විසින් දරුවනගේ සුබ සිද්ධියට දෙමව්පියන් දැන ගත යුතු කරුණු කාරණා අළලා සැකසූ මෙම දේශන මාලාවට කිසිදු අය කිරීමක් නොකරන අතර අනිවාර්යයෙන්ම අප දෙමව්පියන්ට මෙම දේශනය ඉතා වැදගත් බව කළමණාකාරීත්වය තදින් විශ්වාස කරමු.
මෙම දේශනය ප‍්‍රාථමික අංශයේ දරුවන්ගේ දෙමව්පියන්ට පමණක් නොව කනිෂ්ඨ අංශයේ දරුවන්ගේ දෙමව්පියන්ට වුවද සුදුසු බව අප හට ඒත්තු ගොස් ඇති බැවින් සුමේධ විදුහල් සියලූ දරුවන්ගේ දෙමව්පියන්ට මේ සඳහා සහභාගී වන මෙන් ඉල්ලා සිටිමු.
කළමණාකාරීත්වය.

No comments