1හා 2 ශ්‍රේණි සඳහා පාසල් කාලය ප.ව.01.30 දක්වා දීර්ඝ කිරීම

01, 02 ශ්‍රේණි දෙමාපියන් වෙත,

හිතවත් දෙමාපියනි,

1හා 2 ශ්‍රේණි සඳහා පාසල් කාලය ප.ව.01.30 දක්වා දීර්ඝ කිරීම

සුමේධ පාසල ආරම්භ කළ අවධියේ සිටම අපගේ සම්ප‍්‍රදාය වුයේ, 1 ශ්‍රේණියට බැදෙන දරුවන්ගේ පාසල් කාලය, පළමු වාරයේදී පමණක් ප.ව.12.30ට අවසන් කර, දෙවන වාරයේ සිට ප.ව. 01.30 තෙක් පැවැත්වීමය. මෙලෙස පළමු වාරයේදි 1 ශ්‍රේණියේ පාසල් කාලය කෙටි කිරීමට හේතුව නම්, පෙර පාසලේ සිට පැමිණෙන දරුවා හට පාසලට හුරු වීමට යම් කිසි කාලයක් යන බැවිනි. තවද, 2017 වසරට පෙර 2 ශ්‍රේණිය පාසල් කාලය අවසන් වුයේ ප.ව.01.00ටය.

2017 වසර මුලදී,  පාසලේ අවට පාරවල් තුළ ඇතිවු අධික වාහන තදබදයට, පිළියම් සොයා ගන්නා තුරුඉහත සඳහන්  සම්ප‍්‍රදාය වෙනස් කොට, 1 ශ්‍රේණිය ප.ව.12.30ටත්, 2 ශ්‍රේණිය ප.ව.01.00ටත් අවසන් කළහ. වත්මන වන විට විශාකා පාර, පිටුපස නාමල් පාර ද, හැකිතාක් පුළුල් කර, රථ ගාල ද පුළුල් කර, වාහන විධිමත්ව හැසිරවීමට සහ ගාල් කිරීමට වැඩ පිළිවෙළවල් යෙදීම නිසා, වාහන තදබදය අවම කිරීමට අපට හැකි වී තිබේ.

එබැවින් 1හා 2 ශ්‍රේණි දරුවනට ලබා දෙන පොත පත, බාහිර කටයුතු අධ්‍යාපනය සහ ක‍්‍රීඩා වලට වැඩි කාලයක් ලබා දීමේ අදිටනින් 1 හා 2 ශ්‍රේණි ද ප.ව.01.30  දක්වා පැවැත්වීමට 2017 ඔක්තෝම්බර් 02 සිට අපි බලාපොරොත්තු වන බව දන්වමු.

සම්ප‍්‍රදානුකූල පවත්වාගෙන ගිය පරිදි 2018 වසරේ සිට 1 ශ්‍රේණිය පළමු වාරය පමණක් දරුවන් පාසලට හුරුවන තෙක් ප.ව.12.30ට අවසන් කරන බව විශේෂයෙන් දන්වමු.

ස්තූතියි.
සභාපති,

වෛද්‍ය විල්ප‍්‍රඞ් විජේසිංහ


No comments