විශාකා පාරේ වාහන තදබදය

හිතවත් දෙමාපියනි,


විශාකා පාරේ වාහන තදබදය 

මෙම ප‍්‍රශ්නය ක‍්‍රමක් ක‍්‍රමයෙන් උඝ‍්‍රව පවතී. කීප විටක්ම ඔබට දැන්වු පරිදි, පෞද්ගලික වාහන වලින් පැමිණීම අවම කරන්න. පාසල් දිනවල පෞද්ගලික වාහනයේ පැමිණෙනවා නම් පෙ.ව. 7.00ට පෙරත්, ප.ව. 2.00ට පසු ද පැමිණෙන්න. හැකි තරම් පාසල් වෑන් වලින් දරුවා එවන්න. ආරක්ෂිතව මෝටර් සයිකල්, ස්කූටර් වලින් දරුවන් රැුගෙන ඒම ඉතා කාලෝචිත බව සඳහන් කරමු. 

ත‍්‍රී වීල් හැකි තරම් ගේට්ටුව අසලින් නැවත්වීමටත්, පාසල් භූමිය තුලට ඇතුළු නොකිරීමටත් වග බලා ගන්න. විශේෂයෙන්ම ඞීසල් තී‍්‍ර වීල් වලින් පරිසර දුෂණය, ශබ්ද දුෂණය අති විශාල නිසා පාසල් භූමිය ඇතුලට ඞීසල් ත‍්‍රී වීල් ඇතල් කර ගැනීමෙන් වලකින්න.

පාසල අවට පාරවල්  දරුවන් සඳහා ඉතා සුරක්ෂිතය. එම නිසා උදෑසන වැඩි වයස් වල දරුවන් උසාවි පාර පටන් ගන්නා ස්ථානයේ බැස, පයින් පාසලට එ්මට සලස්වන්න.

විද්‍යාලය විසින් පවත්වාගෙන යන නිවහන පාසල් ප‍්‍රවාහන සේවය හැකි තරම් පාවිච්ච් කරන්න. 

විශාකා පාරේ වාහන තදබදයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ දරුවන් ගෙන යන බස් රථයන්ය. සතියකට පමණ පෙර, බස් රථ දෙකක් දෙපැත්තෙන් පැමිණ ඇතිවු තදබදය මුළු විශාකා පාරේ  වෙසෙන සියලූ දෙනාටම විශාල අපහසුතාවයක් විය. 

ළමුන් ප‍්‍රවාහනය කරන බස් රථ නිසා ඇති වන වාහන තදබදය පිලිබඳව පොලීසිය සහ නගර සභාව සමඟ අප දැනටමත් සාකච්ඡුා කර ඇති අතර,නගර සභාවේ සහ පොලිසියේ සහයෝගය ඇතුළුව, උසාවි නියෝගයක් මත, විශාකා පාරට බස් රථ ඇතුල් වීම, 2018 ජනවාරියේ සිට සම්පුර්ණයෙන් නැවත්වීමට අප බලාපොරොත්තු වෙමු. එබැවින් කරුණාකර ඔබ දරුවා  බස් රථ මගින් පාසලට එවන්න එපා. විකල්ප ක‍්‍රම යෙදා ගන්න. 

දැනටමත්, බස් රථ වලින් පැමිණෙන දරුවන් පිළිබදව ලැයිස්තුවක් නඩත්තු කරන අතර, අපගේ ඉල්ලීම නොසලකා දරුවන් දිගින් දිගටම පාසල් බස් රථ වලින් එවන දෙමාපියන් ගැන කළමණාකරිත්වය ඉතා කණගාටු වෙමු. තවද, පාසලේ දීර්ඝකාලීන පැවැත්ම ගැන නොසිතා, වගකීමකින් තොරව ක‍්‍රියා කරන දෙමාපියන් සමග කථා කිරීමට කළමණාකාරීත්වය කිසිසේත් නොපැකිළෙන අතර, එවැනි සාකච්ඡාවක් තුළින් ඔබ හට සිදු විය හැකි මානසික පීඩනයක් ලබා දීමට අප හට ඉඩ නොදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. 

ස්තුතියි.  
සභාපති,  
වෛද්‍ය විල්ප‍්‍රඩ් විජේසිංහ


No comments