2019 පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීම.



2019 පළමු ශ්‍රේණියට දරුවන්  බඳවා ගැනීම
 
පසුගිය වසර කිහිපය තුළ පලාතේ දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම නිසා අප සැලකිය යුතු දරුවන් පිරිසක් පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගත්හ.

සති කිහිපයකට පෙර, සුමේධ පාසල අධීක්ෂණයට පැමිණි අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් සහ පුද්ගලික පාසල් බාර අධ්‍යාපන අධ්‍යක්ෂක පී.එම්.සලාහුදීන් මහතා අප හට තදින්ම පවසා සිටියේ පළමු ශ්‍රේණියට බදවා ගන්නා දරුවන් ගණන අඩු කළ යුතු බවය.

ඔවුන්ගේ මතය අනුව පාසැලක දරුවන් ප‍්‍රමාණය වැඩි වීම, සැම අතකින්ම ප‍්‍රශ්න ගෙන දිය හැකි කරුණක් නිසා, සුමේධයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන දරුවන් ප‍්‍රමාණය සීමා කිරීම, අනිවාර්ය බව ඔවුන් සැවොම අප හට පැවසුවේය.

තවද, ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නොබෝදා පැවති, ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමකදී,  දිස්ත‍්‍රික් ලේකම්තුමා, පොලිසිය සහ දේශපාලන අධිකාරියද එකග වී ඇති කරුණක් නම්, පටු පාරකට යාබදව පිහිටි අප පාසලේ දරුවන් ප‍්‍රමාණය තව තවත් වැඩි වුවහොත් එය මුළු පලාතටම ප‍්‍රශ්ණයක් විය හැකි බවය.

ගම්පහ සංවර්ධන කමිටුවේ එම නිගමනය අප හට වාචිකව දැන්වු අතර එම නිලධාරීන්ද ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියේ, මෙම කරුණ පිළිබද අපගේ අවධානය ලබා දී, පලාතේ සුබ සිද්ධිය තකා නිසි පියවර ගන්නා ලෙසය.

පාසල් අධ්‍යක්ෂක මණ්ඩලය, කලමණාකාරිත්වය, විදුහල්පතිතුමිය සහ ෙජ්‍යෂ්ට ගුරුභවතුන් මෙම ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කළ අතර, අවසන් තීරණය වුයේ 2019 වසරේ පළමු ශ්‍රේණිය, පන්ති 10 කට පමණක් සීමා කර, එක් පන්තියකට දරුවන් 35 ක් පමණක් ඇතුල් කළ යුතු බවය. 

මෙම තීරණය නිසා, 2019 වසර පළමු ශ්‍රේණියට දරුවන් 350 ක් පමණක් බදවා ගන්නා බව සදහන් කරමු.

දැනටමත්, 2019 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා විශාල පිරිසක් සුමේධ කාර්යාලයේ ලියා පදිංචි වී ඇත. එබැවින් ඔබගේ දරුවෙකු හෝ ඔබ දන්නා හදුනන දරුවෙකු සුමේධ 2019 පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වනවා නම්, පසුතැවිලි නොවී හැකි ඉක්මණින් ප‍්‍රධාන කාර්යාලයේ තිබෙන 2019 පළමු ශ්‍රේණියේ පොරොත්තු ලේඛනයට නම ඇතුළත් කරන්න.
 
ස්තූතියි,  සුමේධ විදුහල් කළමණාකාරිත්වය.


No comments