දෙමාපියන් වෙත කෙරෙන නිවේදනයයි.

හිතවත් දෙමව්පියනි,

රජය ඉතා ඥානවන්තව විධිමත්ව කටයුතු කළ නිසා, අප කොරෝනා ව්‍යසනයෙන් මිදීමේ ලකුණු පහළ වී ඇත. එසේ වුවද රජය විසින් පාසල් විවෘත කළ පසුව ද දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු අණ්ඩව පුළුල්ව ඉලෙක්ට්‍රොනික් මාධ්‍යය තුළින් අවම වශයෙන් අගෝස්තු නිවාඩු කාලය අවසන් වන තෙක් වත් ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.

කරුණාකර එලෙස අප ගුරු මහත්ම මහත්මීන් ඉතා වෙහෙස මහන්සි වී ඔබ දරුවාට ලබා දෙන පාඩම් ඉතා සැලකිලිමත්ව කරගෙන යාමට දරුවන්ට උපකාර කරන ලෙස ද, දරුවන් පරිගණක අවභාවිතා කිරීම වැලැක්වීමට  සෑම විටකම වැඩිහිටියන්ගේ නිරන්තර අවධානය දරුවන් වෙත යොමු කරන ලෙසද කරුණාවෙන් දන්වා සිටිමි.

සභාපති
සුමේධ විද්‍යාලය - ගම්පහ


No comments